Categories: Local News

මෙරට ගුවන්තොටුපොළ ගැන අදානි සමූහය සාකච්ඡාවක

මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. 

ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය පවසන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වන බවයි.

එම ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අදානි සමූහය මෙරට බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍යය පවසයි.

අදානි සමූහය විසින් ඉන්දියාවේ, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ 07ක පරිපාලන කටයුතු මෙහෙයවීම මේ වන විටත් සිදු කරමින් සිටියි.

Mohamed Arshad

Recent Posts

බැසිල් රාජපක්ෂ දිවයිනට

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…

1 year ago

වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ අයියා ජීවිතක්ෂයට

අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…

1 year ago

ත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…

1 year ago

සාන්තන්ගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…

1 year ago

සපුගස්කන්ද පිරිපහදුව ජූලි මස වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…

1 year ago

රටඉඳි ආනයන බද්ද පහළට

රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

1 year ago