උත්සව සමය ළංවෙමින් පැවතියදී වෙළඳපොලේ බිත්තර හිඟයක් මෙන්ම මිල වැඩි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.
පාරිභෝගිකයන් චෝදනා කළේ සතොස අලෙවිසැල් ජාලයේ මෙන්ම සිල්ලර වෙළඳසැල්වලද බිත්තර මිලදී ගැනීමට නොමැති බවයි.
එමෙන්ම සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ ලබන සඳුදා සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යා හැකි බවයි.
මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල පවතින්නේ රුපියල් 60 ක අගයකයි.
මේ අතර රුපියල් 43 ක මිලකට සතොස අලෙවිසැල් ජාලය හරහා ලබාදුන් ආනයනික බිත්තර ද මේ වනවිට එම අලෙවිසැල්වල නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
එමෙන්ම සිල්ලර වෙළඳසැල් තුළද බිත්තර හිඟයක් පවතින බවයි ඔවුන් කියා සිටියේ.
ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා රුපියල් 35 ක මුදලකට ලංකා සතොස හරහා පාරිභෝගිකයන්ට පසුගිය දිනවල බිත්තර අලෙවි කෙරුණත් පසුගිය මස 21 වනදා සිට එහි මිල රුපියල් 08 කින් ඉහල දැමුණා.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…
අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…
රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…