Categories: Local News

රුපියල් මිලියන 58ක රත්‍රං සමග කතක් කොටු වේ

රැපියල් මිලියන 58ක වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 02යි ග්‍රෑම් 750ක් ගුවන් තොටුපොළෙන් පිට කි‍රීමට උත්සාහ කළ කාන්තාවක් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. 

ගුවන් තොටුපොළ පිරිසිදු කරන වයස අවුරුදු 55ක කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. 

ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වැසිකිළියක් තුළ දී මෙම ස්වර්ණාභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය වෙනත් කාන්තාවක විසින් සැකකාර කාන්තාවට ලබා දී ඇත. 

එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකු වෙත ලබා දුන් පසු ඇයට රුපියල් හැට දහසක මුදලක් ලබා දෙන පොරොන්දුව මත තමන් මෙම පාර්සලය රැගෙන ගිය බව අත්අඩංගුවට ගත් කාන්තාව රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 55 හැවිරිදි වියේ පසු වන වේයන්ගොඩ – මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම සේවිකාව අත්අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Mohamed Arshad

Recent Posts

බැසිල් රාජපක්ෂ දිවයිනට

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…

1 year ago

වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ අයියා ජීවිතක්ෂයට

අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…

1 year ago

ත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…

1 year ago

සාන්තන්ගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…

1 year ago

සපුගස්කන්ද පිරිපහදුව ජූලි මස වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…

1 year ago

රටඉඳි ආනයන බද්ද පහළට

රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

1 year ago