Categories: Local News

කඩා වැටුණු ගසට යටවුණු තවත් දරුවෙක් මරුට

ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම දරුවා අද (10) පෙරවරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය සඳුදා එම ජාත්‍යන්තර පාසල පරිශ්‍රයේ  ගසක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් ළමුන් තිදෙනෙකු තුවාල ලැබු අතර එහිදී එක් ළමයෙකු එම ස්ථානයේ දීම මියගොස් තිබුණි.

අනෙක් කුඩා දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් දරුවෙකු දින 05කට පසු අද පෙරවරුවේ මෙලෙස මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 05 හැවිරිදි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Mohamed Arshad

Recent Posts

බැසිල් රාජපක්ෂ දිවයිනට

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…

1 year ago

වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ අයියා ජීවිතක්ෂයට

අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…

1 year ago

ත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…

1 year ago

සාන්තන්ගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…

1 year ago

සපුගස්කන්ද පිරිපහදුව ජූලි මස වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…

1 year ago

රටඉඳි ආනයන බද්ද පහළට

රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

1 year ago