සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (11) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහි නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා
ආරම්භ පිතිකරුවන් ලෙස ක්‍රීඩා පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු 18ක දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05කට දැවී ගියා.
කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පන්දු 65කට ලකුණු 61ක් රැස් කිරීමට සමත් වූ අතර සධීර සමරවික්‍රම ලකුණු 52කට දැවී ගියා.
එමෙන්ම ජනිත් ලියනගේ අර්ධ ශතකයක් වාර්තා කළ අතර චරිත අසලංක නොදැවී ලකුණු 97ක් රැස් කිරීමට සමහ් වුණා.
පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Azmatullah Omarzai කඩුළු 2ක් දවා ගත් අතර Fazalhaq Farooqi, Noor Ahmad, Qais Ahmad කඩුල්ල බැගින් දවා ගත්තා.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…
අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…
රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…