හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
අද අලුයම 2.50ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටව ගොස් ඇති ඒ මහතා පසුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදෙස් සංචාරයෙන් අනතුරුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ නව සන්ධානයක් බිහිකිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙහි ඉදිරි වැඩකටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ධුරය ලසන්ත අලගියවන්න මහතා විසින් දරණු ලබන අතර එම ධුරයේ සිට සියලු තනතුරු වෙනස් වන බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම කටයුතු හිටපු ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරවලින් අනතුරුව සිදුවනු ඇති බව සඳහන්ය.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…
අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…
රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…