Categories: Local News

ජීවිත දෙකක් බිලිගත් යාපනයේ දුම්රිය අනතුර

යාපනය, ඉනුවිල් ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ප්‍රධාන මාර්ගයක පිහිටි දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය වූ වෑන් රථයක් ඊයේ (14) රාත්‍රියේ දුම්රියේ ගැටීමෙන් පියෙක් සහ මාස 06 ක බිළිඳිය මිය ගොස් ඇති බවයි.

අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථය ධාවනය වූ අවස්ථාවේදී එහි මුරකරුවෙකු නොසිට ඇති අතර වෑන් රථය පැදවූ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

අනතුරින් පියා සහ දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ මව මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසු වූ පියා වූ සයන්තන් සහ ඔහුගේ දියණිය වූ මාස 06 ක් වයසැති අප්සරා නැමැති දෙදෙනෙකි.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන 22 හැවිරිදි මවගේ තත්වයද බරපතල බවයි වාර්තා වන්නේ.

Mohamed Arshad

Recent Posts

බැසිල් රාජපක්ෂ දිවයිනට

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…

1 year ago

වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ අයියා ජීවිතක්ෂයට

අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…

1 year ago

ත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…

1 year ago

සාන්තන්ගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…

1 year ago

සපුගස්කන්ද පිරිපහදුව ජූලි මස වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…

1 year ago

රටඉඳි ආනයන බද්ද පහළට

රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

1 year ago