දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති, අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් බංග්ලාදේශ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අලි ඇතුන් හදාවඩා ගැනීම සඳහා නිකුත් කර තිබූ සියලුම බලපත්‍ර බංග්ලාදේශ මහාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.
මෙම තීරණයත් සමඟ වනයේ සිටින අලි ඇතුන් තවදුරටත් අල්ලා වහල්භාවයට ගෙනයාමේ හැකියාව හිමිවන්නේ නැහැ.
බංග්ලාදේශයේ දැනට අලි ඇතුන් 200ක් පමණ අඩු සංඛ්‍යාවක් ජීවත්වන අතර ඔවුන්ගෙන් අඩක් පමණ වහල්භාවයේ ජීවත්වන බවයි අනාවරණය වී ඇත්තේ.
එම සතුන්ගෙන් බහුතරයක් සර්කස්, වීදි සංදර්ශන සඳහා හෝ සිඟමන් යැදීම සඳහා යොදාගෙන ඇති බව සඳහන්. බංග්ලාදේශය ආසියානු අලින්ගේ ප්‍රධාන නිවහනක් වූ නමුත් දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම ඔවුන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරනවා.
මෙම අධිකරණ තීරණයත් සමඟ වහල්භාවයේ සිටින අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වුණේ.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…
අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…
රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…