Categories: Local News

වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ අයියා ජීවිතක්ෂයට

අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට ලක් වූ තැනැත්තා තව අයෙක් සමඟ කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් ඔහු හා ගමන් ගත් අනෙක් පුද්ගලයාද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වැනිදා පාදුක්ක, තුන්නාන, වෙන්දේසි වත්ත ඉඩමේදී මන්නා රොෂාන් ඝාතනයට ලක් වුණා.

ඒ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩි තැබීමකින්.

Mohamed Arshad

Recent Posts

බැසිල් රාජපක්ෂ දිවයිනට

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…

1 year ago

ත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…

1 year ago

සාන්තන්ගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…

1 year ago

සපුගස්කන්ද පිරිපහදුව ජූලි මස වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…

1 year ago

රටඉඳි ආනයන බද්ද පහළට

රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

1 year ago

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා රැසක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්මික අභ්‍යාසලාභීන් ලෙස ශ්‍රී ලාංකික…

1 year ago