ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශයේ අධික තදබදයක් ඇති වූ බව වාර්තා වේ.
අප වාර්තාකරු පැවසුවේ, ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස පොලිස් රැකවල් නොතකා ප්‍රසංග භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.
ඒ හේතුවෙන් ඇති වූ තදබදයත් සමග පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල සිදු වී ඇති බවද වාර්තාකරු පැවසීය.
පසු ව පොලීසිය මැදිහත් ව එම තත්ත්වය නිරාකරණය කර තිබේ.
දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක් ද ප්‍රසංගයට සහභාගි වූ බව සඳහන් ය.