Categories: Local News

මාළු මිලෙහි වාර්තාගත අඩුවීමක්

වෙළඳපොලේ මත්ස්‍ය මිල ගණන් පහළ ගොස් ඇති බව ධීවරයින් පවසනවා.

ඒ අනුව පසුගිය දිනවල රුපියල් දහස ඉක්මවූ මාළු කිලෝවක තොග මිල රුපියල් 300ත් 600ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පරව් සහ ලේන පරව් කිලෝවක් රුපියල් 400කටත්, ලින්නා කිලෝවක් රුපියල් 300කටත්, ඇටවල්ලා සහ බලයා රුපියල් 300ත් 350ත් අතර මිලකටත් අලෙවි වන බව ධීවරයින් සඳහන් කළා.

පවතින ආර්ථික තත්වය හමුවේ පාරිභෝගිකයින් මිලදී ගැනීම අවම වීම හේතුවෙන් මෙලෙස මත්ස්‍ය මිලද පහත ගොස් ඇති බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ.

මේ අතර සමස්ත ලංකා පොදු ධීවර සමිති සම්මේනයේ ජාතික සංවිධායක රත්න ගමගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ අධික පිරිවැය හේතුවෙන් බොහෝ ධීවරයින් මුහුදු යාම ද සීමා කර ඇති බවයි.

Mohamed Arshad

Recent Posts

බැසිල් රාජපක්ෂ දිවයිනට

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…

1 year ago

වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ අයියා ජීවිතක්ෂයට

අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…

1 year ago

ත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…

1 year ago

සාන්තන්ගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…

1 year ago

සපුගස්කන්ද පිරිපහදුව ජූලි මස වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…

1 year ago

රටඉඳි ආනයන බද්ද පහළට

රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

1 year ago